“ස”

“ස” ප්‍රසංගය ගැන දැනගත් කාලෙ ඉදලම “ස” බලන්න යන්න පුදුම ආසාවක් මට තිබ්බේ. පහුගිය දවසක “ස” ගැන තියෙන බැනර් එක දැක්ක හැටියෙම එක බලන්න යන්න හිත ගත්ත. ඒත් ඉතින් ඕක තනියම බලන්න යන්න පොඩි කම්මැලි කමකුත් තිබුනා, ඔන්න ඔහොම යනකොට “ස” බලන්න කැමති බොහොම සංගීතය රසවිදින කෙනෙක් මට හමු උනා. මම “ස” බලපු හැටි තමයි මේ,

ගීතයකට මොනතරම් අපව වෙනස් කරන්න පුලුවන්ද, අපි හිනස්සවන්න, අපි හඩවන්න, මේ හැමදේම ගීතයක් තුලින් මොන තරම් අපුරුවට කරනවද. හැබැයි මේ දේ තීරණය වෙන්නේ ගායකයා මොන තරම් ඒ ගීයට සාධාරනයක් කරනවද කියන එක මත තමයි. වික්ටර් රත්නායකයන්ගේ “ස” බැලුවෙමි, රස්වින්දෙමි, ඔහු මොනතරම් අපුරුවට ඒ ගී ගැයුවාද. ගීතයක වාදනය යන අතරතුර ඔහුගේ මුවගේ රැදුණු ඒ සිනා රැල්ල කියා පෑවේ අප ඒ ගීතය අසා රස විදිනාවට වඩා ඔහු එම ගීතය ගයා මොනතරම් රසයක් විදිනවාද යන බවය. ගීතය අවසානයේ ලැබෙන අත්පොලොසන් නාදය ඔහුට මහා ධනයකි. ඔහු ඒ ධනයට පෙම් බැදී බව මා “ස” ප්‍රසංගය පුරාවටම දැක ගත්තෙමි.
“ස” බලන්නට යන්න කැමත්තක් තිබුනත් සමහරවිට නොයන්නත් ඉඩ තිබුනා. ඒ ගියත් සමහරවිට අයෙත් හැරිලා එන්නත් ඉඩ තිබුනා (තනියම ගියානම්). ඔබ “ස” බලා රසවිදින හැටි මා බලා සිටිය. ඔබ නිසා මා “ස” රසවින්දා.

 

මං ආවා

මං ඔයාලගේ ආදරණීය ටාසන් බාප්පා

අද ඉදන් හැමදාම මම ඔයාලා මුණගැහෙන්න එනවා